Esala

You were our hero, our light, our smile, our strength and our hope. Yes you were different. Different than all of us, so different that God got the chance to prove that he only takes the best.

දහම් ඇස පහළ වුන…

Your idea our initiation, your plan our execution, yes we’d give anything to have you back with us, but with the thought that you’re in the best place, we will cultivate your qualities in us, we will head into your dreams and we will brighten up lives like you always needed.
And here we are following your dream to make this planet a little more brighter. We know that you’re showering us with blessings and helping us with every step we keep.

Loving Memories of Esala

පොඩි සටහනක්…..මතකාවර්ජනයක්.✍️✍️

අය්යේ ඔයා නිසා තමා අද මම නාලන්දා මාතාවගෙන් මේ වගේ තැනක් හදා ගන්න පුළුවන් වුණේ…..එදා torintan ground එකේ practice කර කර ඉද්දී ලගට අවිත් ඔයා “මල්ලි ඔයා නාලන්දේට එන්න කැමති ද?” කියලා අහලා මාව නාලන්දාවට ඇතුලත් කරලා…..හැම අඩුපාඩුවක්ම හොයලා නාලන්දාව වෙනුවෙන් කරපු පලමු තරගයම ජයග්‍රහණය කරපු දවසෙම ඔයා ⁣ඒක අහන්නෙම නැතුව මේ ලෝකෙන් යන්න ගියා…. 😓
නමුත් අද නාලන්දා මාතාවගෙන් මා මේ ලබා ගත් සෑම ජයග්‍රහණයකටම හේතුව ඔයා…..ඔයා අද හිටියනම් එදා ඔයා තෝර ගත්ත කොල්ලා අද සාර්ථක තේරීමක් කියලා හිතලා සතුටු වෙන්න තිබ්බා….ඒත් ඒවා ඔයාට කියන්නවත් පෙන්නන්නවත් ඔයා අද නෑ…..ඒ නිසා මගේ මේ ජයග්‍රහණයට සාධාරණයක් කරන්න ඕන….ඒ නිසා අද දවසේ ඔයා මතක් කරලා ඔයාට කලගුණ සැලකිමක් විදියට මේ සටහන හදවතින්ම ඔයාට තබමි අයියා….
අයේ දවසක අපි හම්බෙමු……ඔබට නිවන් සුව ඇසල අයියා…….මම ඔයාගේ High jump pramuka malli🥺❤️
Esala Medawatta 🤍🥀🥺(Nalanda College Sport caption 2019 – 2020)
whatsapp image 2025 09 12 at 11.52.00 a1664028
කාගෙත් හිත දිනා ගත් කීකරු ගුණ යහපත් දරුවෙක් ඔයා. මම දන්න තරමින් ඔයා හීනෙන්වත් කාටවත් වරදක් නොකරපු රත්තරං පුතෙක්. ඔයා මේ තරම් ඉක්මනට අපිව දාලා සුර පුර ගියේ ඇයි කියලා මට හිතා ගන්න බෑ. ඔයා මට හැම වෙලාවෙම ආදරෙන් සැලකුවා. අදටත් මම filter එකට වතුර පුරවන කොට මට ඔයා ව මතක් වෙනවා. සුදු පුතේ ඔයා මගෙන් අහනවා “ඇයි චමිලා ආන්ටි filter එකෙන් වතුර බොන්නේ නැත්තේ, ඇයි tap එකෙන් බොන්නේ” කියලා. ඒ ඔයාගේ යහපත්කම මම දැක්ක එක අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවල් නම් කොච්චරද? ඔයාගේ මුහුණ හැම වෙලේම ඇසළ සඳක් වගේ බැබළුනා. මතක් වෙන මොහොතක් පාසා ඇස් දෙකට කඳුළු එනවා පුතේ.. ඇසළ පුතා බුදුන් දැක නිවන් දකිත්වා🙏
චමිලා ආන්ටි
කාගෙත් හිත දිනා ගත් කීකරු ගුණ යහපත් දරුවෙක් ඔයා. මම දන්න තරමින් ඔයා හීනෙන්වත් කාටවත් වරදක් නොකරපු රත්තරං පුතෙක්. ඔයා මේ තරම් ඉක්මනට අපිව දාලා සුර පුර ගියේ ඇයි කියලා මට හිතා ගන්න බෑ. ඔයා මට හැම වෙලාවෙම ආදරෙන් සැලකුවා. අදටත් මම filter එකට වතුර පුරවන කොට මට ඔයා ව මතක් වෙනවා. සුදු පුතේ ඔයා මගෙන් අහනවා “ඇයි චමිලා ආන්ටි filter එකෙන් වතුර බොන්නේ නැත්තේ, ඇයි tap එකෙන් බොන්නේ” කියලා. ඒ ඔයාගේ යහපත්කම මම දැක්ක එක අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවල් නම් කොච්චරද? ඔයාගේ මුහුණ හැම වෙලේම ඇසළ සඳක් වගේ බැබළුනා. මතක් වෙන මොහොතක් පාසා ඇස් දෙකට කඳුළු එනවා පුතේ.. ඇසළ පුතා බුදුන් දැක නිවන් දකිත්වා🙏
චමිලා ආන්ටි
ඔයාට මතකද පුතේ මාව? මම කුමුදු ආන්ටි. ඔයා පළවෙනි වසරේ ඉගෙනගන්න කොට මාත් 1 වසර පංතියේ හිටියා ටීචත් එක්කම. දෙවෙනි වසරෙත් මම හිටියා. මගේ පුතත් මං එක්කම හිටියා. ඔයාලා හැමෝමත් මගේ දරුවෝ වෙලා හිටියා. පන්තියේ පිළිවෙළට හිටිය අහිංසකම දග නැති පුංචි ලස්සන කොලු පැටියා ඔයා. පුදුමයක් ඒ වසර 2 පුරාම එක තත්පරයක්වත් පන්තියේ ටීචර්ව ඔයා තරහා ගැස්සුවේ නෑ. ඇසළ ඇසළ සඳක් වගේ ම පායලා තිබුනා සුන්දරව. පන්තියෙන් පන්තිය ඉහලට යනකොට 6 වසරේදී මට ආරංචි වුණා ඔයා මලල ක්‍රීඩා කරනවා කියලා. ඔයා දක්ෂයෙක් කියලා මට පුතා කිව්වා. මං පුදුම වුණා. පුංචිකාලේ චුට්ටක්වත් දඟ නැති ඒ පුංචි කොලු පැටියා කොහොමද වේගයෙන් දුවන්නේ කියලා. මට සතුටක් දැනුණා. ඔයාගේ දක්ෂකම් දැක්කා. පුංචි කාලෙ ඉඳලම ඔයා ලැජ්ජාශීලී වගේම හරිම මිත්‍රශීලීයි. ඒ නිසා තමයි වෙනත් කිසිම දරුවෙක් මාව දැක්කම නාවත් ඔයා කොයි තරම් ලොකු වුණත් මාව දැක්කම බොරුවට හරි ලඟට ඇවිත් කතා කළේ. පුතේ,ඔයා නැතිවුණා කියන ආරංචිය ආවම දරාගන්න බැරි වුණා. ඔයා වගේ හොඳ දරුවෙක් අපේ ඇසුරට ගෙනාවට ඔයාගේ අම්මටයි තාත්තටයි පිං. අපි කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැහැ පුතේ. මුණ ගැහෙන හැම වෙලාවකම දුර ඈතක හිටියත් හිනාවෙන්ම සංග්‍රහ කරන ඔයාව යන්න කලින් එකම එක වතාවක් හරි වැළඳ ගන්න තිබුණා නම් මට. සංසාරේ තව දිග නම් ඔයා ආයෙත් අපි අතරම ඉපදේවි. කුමුදු ආන්ටි.
Kumuduni Manel De Silva
ආදරර්‍ණය ඇසළ පුතුනි,

ඔයා මේ ලෝකේ එළිය දුටු දවස මට අද වගේ තාම මතකයි. මේ වසර 19 තුල ඔයා අපට කොයි තරම් සොඳුරු මතකයන් තිළිණ කලාද? අත්දැකීම් ලබා දුන්නාද? ඔයා සුර ලොව ඉඳලා ආපු දිව්‍ය පුත්‍රයෙක්. කෙටි කාලයක් අපිත් එක්ක ඉඳලා යලිත් සුරලොවට ගියා.

ඔයා සියළුම නෑදෑයන් එකතු කරගෙන පවත්වපු ක්‍රීඩා තරඟ, අවුරුදු උත්සව කොචිචරද? ඒවා තුලින් ඔයා අප සැමට කෙතරම් සතුටක් ලබා දුන්නාද? ඔයා අපි හැමෝටම දැක්වුයේ පුදුම ආදරයක්, කරුණාවක් ඒ වගේම ලෙංගතුකමක් . ගොඩාක් හොඳ එක තැන රැදෙන්නේ නෑ කියලා මම අහලා තියෙනවා. ඒකයි ඔයා ඉක්මනටම යන්න ගියේ. ඔයා වසර 19 ක් පුරාවට අපිව සතුටු කළා. ඔයාගේ වෙන්ව යාමත් සමගම අපි සියළු දෙනා ම පිනට යොමු වුණා. ජීවිතයේ අනිත්‍ය බව අපට අවබෝධ කර දීලා පුතේ ඔයා නිවන කරා ගියා. ඔයා මේ ලෝකෙට කෙටි කාලයකට ආවේ අප සියළු දෙනාටම නිවනේ අරුත වටහා දීමට කියලා මම විශ්වාස කරනවා. “පුතේ ඔයා සුර ලොවෙන් මනු ලොවට පැමිණ යළිත් සුර ලොවට වැඩි දෙවි දෙනෙක්…”
ආදර පුංචි
ඇසළ, මට ඔබව මුනගැසුනෙ මීට වසර ගනනාවකට පෙර ජෝන් ටාපර්ට් තරගාවලියේ කඩුලු මතින් දිවීමේ තරගයේ Heats වලදී . තරගය පටන් ගන්න පෙර ලැබුණු කෙටි කාලයේදී ඔබ මා හා ඉතා ලෙන්ගතුව කතා කලා. “මම ඇසළ ” ඔබ පැවසුවා. අපේ Heat එකෙන් ඉදිරියෙන්ම ගියෙ ඔබයි. මට එදා දැනුන ඔබ ඉතා ම දක්ෂ හොද නිහතමානි ක්‍රීඩයෙක් කියල. වසර ගනනාවකට පසු Face book හරහා ඔබ මියගිය පුවත දුටු විට මට අදහා ගන්න බැරි උනා. අවසන් ගෞරව දැක්වීමට මම අප්‍රේල් 7 දින රාත්‍රී ජයරත්න VIP Hall එකට පැමිණියා. මා පැමිණි වාහනය නවත්වා ගන්න මට ක්ලෝ මීටරයක් පමණ යන්න උනා. ඔබට අවසන් ගෞරව දක්වන්න මෙතරම් විශාල පිරිසක් …. එතන එකම හිස් ගොඩක් … හැමෝගේම මුහුණු ඉතාමත් දුක්බරයි. මිතුර, ඔබගේ වසර 19 කාලය තුල මෙතරම් පිරිසක් රැස් කරන්න ඔබ කෙතරම් නිහතමානී හා සමාජශීලි ජීවිතයක් ගත කරන්න ඇද්ද . ඔබ වැනි අය අහිමි වීම අප හැමගේම අභාග්‍යයක්.. මිතුර ඔබට සුබ ගමන් පතමි. . . .
දුලාන් වීරසිංහ
ඇසළ සඳ මැකී ගොස්ය

මුදු සිනා පාමින දුටුවන් සිත් සතුටු කරමින
ඉගෙනුමෙන් ලොවක් දිනමින
ක්‍රීඩාවෙන් ජය කෙහෙලි නංවමින
නැගුණු ඒ ඇසළ සඳ දැන් මැකී ගොස් ඇත

දස අත සුවඳ විහිදන
සුපිපුණු මල් වුවද
මිලින වන බව කියමින
නැගුණු ඒ ඇසළ සඳ දැන් මැකී ගොස් ඇත

අවරට ගිය හිරු වුවද
නැවත දිනයක උදා වන සේ
ඔබ අප හැර ගිය ද
දකිමු සඳක් වී ඉන්න බව සුරලොව

ඇසළ අයියාට උපහාරයක් වේවා !
චංචලා අමන්දි
kuachchi
යලි පාසලේ නැවත කෙදිනක ඒ සොදුරු සිනහව, මියුරු කටහඩ යලි ඇසෙන්නේ නැත. පාසලේ ඔබ‍ට නොපෑගී ඇති වැලි කැටයක් මම දැක නැත. ඔබ නැති අඩුව අප පාසලට සදාකාලිකව දැනෙනු ඇත. ඔබ නිකන්ම මනුලොවෙන් සුරලොවට නික්මවූයේ නැත. අගක් මුලක් නොමැති මෙම සසරේ දුක්ඛිත බවත් අසාරවත් කෙලෙස් සහිත ජීවිතයේ යථාර්තයත් අපට පසක් කරමින් නැවත නැවතත් අප ආ මෙම ජීවිතයේ ආපසු හැරී බලන්නට අවස්ථාවක් සලස්වා දුන්නේය. මාගේ ළමා කාලය ඔබ වැනි යහපත් කෙනෙකු සමග ප්‍රීතියෙන් සතුටින් ගතකිරීමට ලැබීම මා ලද භාග්‍යකි. මෙම ලෝකයේ ලබන්නට ඇති උතුම් සැපත වෙත ළගා වීමට ඔබ‍ට තව වැඩිකල් නොමැත. ඔබ අපව හැරදා ගිය පසු සංසාරේ කෙදිනක හෝ අප හමුවේවා යැයි පැතුවත් මම දැන් එය නොපතමි. මන්ද යත් අප කෙදිනක හෝ යලි හමුවූවත් මෙවැනි දුක්ඛිත, වියෝදජනක වෙන්වීමක් එම සෑම හමුවකම පවතින බැවිනි. ඇසළ අයියේ ඔබ අසල ඇති නිවන් දොරටුව තව තවත් ලංවේවා යැයි මම ප්‍රර්ථනා කරමි. 🙏🏼🙏🏼
අදීප ඉදුවර
නාලන්දාවට පෑයූ ඇසළ සඳ

නාලන්දා තඹර විලේ
සුපිපි නෙළුම ඇසළ පුතේ
විදු බිම නම් රන් විමනේ
මැණික් පහන නුඹයි පුතේ

කෙළිබිම විරුවෙක් වී ඔබ
පෑ දස්කම් සිතෙහි මැවේ
බාලදක්ෂ සෞඛ්‍යදාන
සංගම් කළ යුරු සිහිවේ

සිනහ සපිරි මුව කමලේ
කුලුණු හදේ ගුණ විසිරේ
ගුරු මාපිය හද නිබදේ
සූජාත දරුවෙකි සබදේ

පාසැල් සොහොයුරන් සමග
සොයුරු පෙමින් බැඳුනු පුතේ
ඔබ නැති පාළුව මකන්න
කිසිම දිනක නොහැක පුතේ

අකාලයේ අප හැරදා
අපෙන් වෙන්ව ගියද පුතේ
නිවන් මගේ රන් දොරටුව
වැඩි ඈතක නොමැත පුතේ
සදාදරණීය තරංගනී ගුරුතුමිය
chandana 2
ඉතා සෙනෙහෙබර – දරුවෙකු
මේ මිහිමඩල තුල – නිම් හිම් නැති මතකයන්
හදවත් පත්ලේ නිදන් කොට – යන්නට ගියා
එකෝමත් එක දවසක

දයාබර පුතුනි…

දැනුනාද නුඹට, මේ ලොව
වැටහුනාද නුඹට, මිනිසුන් කුරිරු වග
හැඟුනාද නුඹට,  සමාජයේ විෂම බව
පසක් වූවේද නුඹ සිතට
නුඹ වැනි “ගුණ දම් පිරිණු පින් කෙතකට”
තෝතැන්නක් නොවන බව මේ මිහි මඩල
“සුරලොවට” ගිය ඇසළ පුතුනි
අවබෝධ වේවා උතුම් චතු අරිය සත්‍ය නුඔට
රසිකලා වීරවර්ධන
chandana 1
ඇ   ස   ළ

උයන් කොන ඇසළ ගස
මලින් විකසිත වෙලා
කොළවලට වඩා වැඩි
මුලු ගහම මල් බරයි
ගස යට ද කහ පැහැති
තරුමල් ද විසිර ඇත
යම් දිනක මල් වරනු ඇත, ඇසළ ගස
එදිනට අමතක වනු ඇත හැමට ඇසළ ගස නැවත මල් දරන තුරු

නිකළැල් පිවිතුරු හිනාවෙන්
සතුටු සිතින් ආදරණීයවම
කා සමගත් සැහැල්ලුවෙන්
සිනාසුන කතා කළ
ආදර, ඇසළ පුත
ඔබ අපට දෙසු දහම
ඇසළ ගහට වැඩි විසාලයි

නිත්‍ය, සුක, ආත්ම,
හිත් දරන් සිටි අපට,
අනිත, දුක, ආනාත්මය
පැවසුවා මුලු දිවියෙන්ම

කියාදුන්නේ ලොකු දහමක් පුංචි ඔබ,
හිතුවේවත් නැති වෙලාවක
තේරුම් ගනියිද එය
මේ නානා නාටක පාන  අය

පහන් තරුවක් නොව
ඇසළ සදකි ඔබ
හැම සිත් ආලෝකය කරා ගෙන ගිය
ඔබ රුව දිය මත ඇදි රුවක් වුවද
පදනමයි ඔබ දන්නා හදුනන හැමගේ
සිත් නිවනේ අභිනික්මනට කැදවන

වඩින්න ඔබද ඒ උතුම් බුදු පුතුන් වැඩිමග,
එළිය කරමින් නිවනේ ඇසළ සද,
අපිත් සැනසෙමු ඒ මග වඩිමින්
ආනන්ද, නන්ද, රාහුල කිසා ගෝතමී, පටාචාරාමෙන්
මල්කාන්ති වීරසිංහ
dilini
පුතණුවනි,
පෑ සිනහා සුරතල්…..
මතකයේ ගිගුම් දෙයි…
නොමැති මුත් අප අතර ඔබ…
සුරලොව සිට සිනහාසෙනු මැන….
පතමි අජරාමර නිවන…
එයයි කෙළවර පතන බොදු දන…🙏☸️
Nilmini Aunty
මතක… විටෙක මිනිසා ශක්තිමත් කරයි, තවත් විටෙක මිනිසා සංතාපයට ලක් කරයි.
දුක යනු සාපේක්ෂ හැඟීමකි, අත්දැකීම්වලින් සහ වයසින් මුහුකුරා නොගිය මා වැනි පුද්ගලයෙකුට පියවිප්පයෝගය දරා ගැනීමට ඉතා අපහසු දෙයකි, සහෝදර බැඳීම මහත් ශක්තිමත් බැඳීමකි, එය ශක්තිමත් වීම සුළුවට තැකිය නොහැක.. මන්ද බැදීම ශක්තිමත් වීමට දෙපාර්ශවයක වටහා ගැනීම ඉතා වැදගත් වේ.. මා ගෙවූ කුළුදුල් වසර දාහත තුල ඔහු වැනි පුද්ගලයෙකු මට හමු වී නැත.රූපයෙන්ද, ගතිගුණෙන්ද

ඕනෑම අයෙකුගේ සිත දිනා ගැනීම මෙන්ම, වචනය අනෙකා සැනසීමටම යොදා ගත් ඔහුව ආදර්ශයට ගැනීම ජීවිතයක් සාර්ථක කිරීමට ඉවහල් වනවා නොඅනුමානය.. වයසින් මුහුකුරා ගිය අයෙකුට පවා ඔහුගෙන් ගත හැකි ආදර්ශ අති මහත්ය.. “කරන දේ හරියට කරන්න” ඔහු දුන් ඒ අවවාදය නිතර හිස තුල ගිගුම් දීම ඔහු නැති අඩුව කියාපෑමට මනා උදාහරණයකි…

සිත තුල දුකක්, තිබුනද ඔබ ගෙවූ කාලය තුල “අනෙකා නොරිදවා, ඔබ ජීවිතය වින්දා “යැයි කනට ඇසුනු ඒ වදනින් දුක තුනී කරගත්තද මම එතරම් අභියෝගයකට කෙසේ මුහුණ දුන්නද යන්න තවමත් පුදුමයකි…. ඔබට බුදු දහමේ ඉල්ලකය වන නිවන පතනවා මිස කුමක් කරන්නද සහෝදරයා.. ඔබට නිවන්සුව 🙏
විශාල් ඕෂධ..🖋️
ඔයා ගැන මට මොන තරම් දේවල් ලියන්න පුළුවන් ද සුදු පුතේ.කෙටියෙන් ම කියනවා නම්, මගේ සුදු පුතා ඕනෑම අම්මා කෙනෙක් ප්‍රාර්ථනා කරලා ලබා ගන්න වටින පුතෙක්.මම සතුටු වෙනවා පුතා වගේ පින්වන්ත පුතෙකුට අම්මා වෙන්න ලැබීම ගැන.

තෙරුවන් සරණයි මගේ ආදරණීය සුදු පුතාට!
ආදරණීය අම්මා
ඇසළ පුතාගේ තුන් මාස බණට අපේ හාමුදුරුවෝ දේශනා කල පරිදි පුතා දැන් මනු ලොවින් නික්ම සුර ලොව ඉන්නවා ඇති. ඒ තරම් බෝසත් ගති ගුණ ඇති රත්තරන් පුතෙක් ඔයා. පුතාට නිවන් සුව තව ඈත නෑ පුතේ. අමා මහා නිවන් සුව පාර්ථනා කරනවා පුතේ ඔයාට තව එක අම්මා කෙනෙකුගේ හදවතින්ම………🙏
රසි පෙරේරා
අදහන්න බැරි උනත්
පුතේ නුඹ නැති වගක්,
දැක දැකම නික්මුණත්
හරිම හරි ඉක්මනින්
පින් පිරූ පුතෙක් දෙව්
ගෙන ගියා යැයි හැඟෙත්…
හැකිවි නම් කියන්නට
ඉන්න තව බෝ කලක්
මඟහැරුණු සේ දැනේ
පතන්නට පැතුමකුත්
යළිත් නම් වෙන්නෙපා
අකල් වූ නික්මනක්,
කුමක් නම් කියන්නද…
නිවන් පතනවා මිසක්…
Sajeevanie Ratnayake
For 20 amazing years in my life you’ve been by my side right next to me not just as my brother but
also as my greatest friend, my go-to person for literally everything.I remember how I shared every
tiny detail about my life with you and how you never failed to cheer me up whenever I was feeling down.
You were the greatest gift in my life and the most amazing bestfriend I could ever ask for!
Esala, I miss you more than anything and I would give anything to have you back with me but now that you’ve walked through the heaven’s gate,
Every step I take, every move I make
Every single day, every time I pray
I’ll be missing you,
Thinking of the day
You went away
Leaving all of us lost in a world
full of nothing but sorrows.
Let’s meet in another life and do everything together just like how we used to for all these years. I love you the most and there isn’t a single time that I dont think of you..
Until we meet again, you will stay treasured in my heart…
Rest in peace brother, I miss you with every beat of my heart..
Sathmi Wijeratna
ඇයි දෙවියනේ තවත්?
හොඳ උන්.,
දිව්‍යලෝකෙට ඔය තරම් හිඟද?
හැමදාම
අයිති අපිට,
අඬනෙකම විතරක් ද?
“සුබ ගමන් පුත” හිත හදන්
කොහොම මම කියන්න ද?
සැනසියන් ඇස් පියන්,
අමා මහ නිවන්මැද !
…………………………………..
මට හිටිය හොඳම ආදරණීයම ගෝලයා
උඹ ඩොක්ටර් කෙනෙක් වෙනකල් මන් බලන් හිටියේ
ඒත් නොකියම යන්න ගිහින්😢😢😢😢
චාමක කහඳවල – සොඳුරු සිංහල පන්තිය
The best person I have ever met. I have no more words to say about you. You will always be remembered. Miss you so much, rest in peace captain🥺💔.
Sakhila Sehan
sakhila
Your cherished smile, humble presence graced us always and treasured for eternity.May u attain supreme bliss of Nibbana.
Chathura Ruwan Bandara Gawarammana
මනුලොවින් සුරලොවට ගිය ඇසළ පුතේ ඔබ වැනි ගුණවත්, ණැනවත්, පින්වත්, ප්‍රියජනක පුතෙකු අහිමි වීම දරාගැනීම ඉතාමත් අමාරුයි.ඔයාගෙ අම්ම තාත්තා අයිය, නංගි කොහොම මෙය දරාගන්නද.සුරලොව ඉදන් අත දිගුකර ඒ අයගෙ කදුළු පිසලන්න රත්තරන් පුතේ.
මේ සසර දුකින් මිදී ඉක්මනින් නිවන් දකින්න පතනවා පුතේ.
මුරුතමුරේ පඤ්ඤාලෝක හිමි

Share Your Memories of Esala

Please enter your full name.
This field is required.
Share your memories or thoughts about Esala.
This field is required.

Esala Medawatta’s One Year Dhamma Sermon by Ven Muruthamure Pannaloka Thero
Date – 8th of April 2022

ඇසළ චමුදිත මැදවත්ත අප අතරින් සමුගෙන වසරක් පිරීම නිමිති කොට ගෙන මුරුතමුරේ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ විසින් 2022 අප්‍රේල් මස 8 වන සිකුරාදා ප.ව. 7.30 ට ඔහුගේ නිවසේදී පවත්වන ලදි. මෙය Zoom සහ fb live ඔස්සේද විකාශය කරන ලදී.

View Highlights from The Event


Online Dhamma Sermon by Ven Mawarale Baddiya Thero
16th of October 2021

ඇසළ චමුදිත මැදවත්ත අප අතරින් සමුගෙන හය මසක් පිරීම නිමිති කොට ගෙන ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ විසින් 2021 ඔක්තෝබර් මස 16 වන සෙනසුරාදා සවස 3.30 ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන්) විශේෂ ධර්ම දේශනාවක් ජපානයේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ සිට Facebook හරහා සජීවීව පවත්වන ලදි.

View Highlights from The Event